වහාම නාමල්ව මුදා හරින්න - අධිකරණයෙන් විශේෂ නියෝගයක්..!

Sri Lanka Magistrate Court Department of Prisons Sri Lanka Sri Lanka Prevention of Terrorism Act Latest Headlines
By Sewvandhi Jan 27, 2025 04:11 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (27)කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්, ජාතින් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයේ සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළ කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නාමල් කුමාර මුදාහරින ලෙස නියම කළේය.

විත්තියේ නීතිඥවරු ඉකුත්දා කරුණු දක්වා තිබුණේ, සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අදාළ නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවටයි.

ඒ අනුව ඔහු මුදා හරින ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.  සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අදාළ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව‍යි, දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තලුජා ලක්මාලි මහත්මිය අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ.

ඒ අනුව සැකකරු මුදාහරින ලෙසත් මහෙස්ත්‍රාත්වරිය සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේය. තහනමට ලක් කර තිබෙන කොටි සංවිධානයේ සලකුණු , ධජ හා නිල ඇඳුම් ඇතුළත් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇතැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් කුමාර නැමැත්තාට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණි.

ඒ අනුව අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව බන්ධනාගාර ගතව සිටි නාමල් කුමාර නැමැත්තා පසුගියදා අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

…………………………………………………………………………………………

You may like this video 👇



ReeCha