පාස්කු නඩුව සම්බන්ධයෙන් පූජිත් ජයසුන්දර කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනා යටතේ ගොනු කර ඇති නඩුවේදී, විත්ති කූඩුවේ සිට තමන් කළ ප්‍රකාශයට අලුතින් කරුණු එක් කිරීමට අවසර දෙන ලෙස හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කළ ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) ප්‍රතික්ෂේප කළේය.
ප්‍රියන්ත ලියනගේ මහතා ප්රමුඛ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන් අතර, නඩුවේ විත්තියේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරු ද අද දින අධිකරණය හමුවේ පෙනී සිටියහ.