නඩු කටයුතු අවසන් වූ මත් ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද

Report

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදුකරන ලද වැටලීම්වලදි සොයාගත් කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩු කටයුතු අවසන් කෙරුණු මත්ද්‍රව්‍ය තොගයක් අද විනාශ කිරීමට නියමිතව ඇත.

පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටොවත්ත ප්‍රදේශයේ ස්ථාපිත දහන උඳුන තුළ අද උදෑසන 9ට එම මත්ද්‍රව්‍ය තොගය දහනය කිරීමට කටයුතු යොදා ඇති බව පොලීසිය ප්‍රකාශ කර තිබේ .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර ඇත්තේ හෙරොයින් කිලෝ 40යි ග්‍රෑම් 533 ක්, කැතීන් මත්ද්‍රව්‍ය කිලෝ 132යි ග්‍රෑම් 79 ක්, කොකේන් ග්‍රෑම් 55 ක් සහ මත්පෙති 3,482 ක ප්‍රමාණයක් එලෙස විනාශ කිරීමට නියමිත බවයි.