"පැහැදිලි ලෙස සාක්ෂි නැත්නම් නිකරුණේ වාර්තාවල සටහන් දමන්න එපා" පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අධිකරණයෙන් දොස්..

Report

ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය වැටලීම්වලට සහභාගි වන නාවික හමුදා නිලධාරීන්ගෙන් සාක්ෂි සටහන් නොකරන්නේ මන්දැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ, විවෘත අධිකරණයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයෙන් ඊයේ (3) ප්‍රශ්න කළේය.

ඔයාගේ විවේක කාලය ගත කරන්න ඔයා කලේ මේ දේ නම් ඔන්න ඔයාට වටිනා අවස්ථාවක්..

ඔයාගේ විවේක කාලය ගත කරන්න ඔයා කලේ මේ දේ නම් ඔන්න ඔයාට වටිනා අවස්ථාවක්..

‘හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ ඇතැම් නඩුවලදී සාක්ෂි තිබෙන බව සඳහන් කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනවා.පැහැදිලි ලෙස සාක්ෂි නැත්නම් සාක්ෂි තිබෙන බව සඳහන් කරමින් නිකරුණේ වාර්තාවල සටහන් දමන්න එපා. ප්‍රමාණවත් කරුණු නැතිනම්, සාක්ෂි නැතිනම් අධිකරණයට බලෙන් නඩු අරන් යන්න බැහැ. යැයි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ විමර්ශන කටයුතු දෝෂ දර්ශනයට ලක්කරමින් අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ විමර්ශන කටයුතු නිසි පරිදි සිදුකරන ලෙස දන්වමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට අවවාද කළේය.

132ක මූලික අයිතිවාසිකම කඩකල රෙජිස්ට්‍රාර් ජෙනරාල්ට එක් අයදුම්කරුවකුට රුපියල් 25,000/- බැගින් වන්දි ගෙවන්නැයි නියෝග..

132ක මූලික අයිතිවාසිකම කඩකල රෙජිස්ට්‍රාර් ජෙනරාල්ට එක් අයදුම්කරුවකුට රුපියල් 25,000/- බැගින් වන්දි ගෙවන්නැයි නියෝග..

මුහුදු මාර්ග ඔස්සේ මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවන් පිරිසක් ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත්කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

මත්ද්‍රව්‍ය නඩුවලට අදාළ සැකකරුවන් අධිකරණයට හමුවට ඉදිරිපත් කර නොතිබූ අතර බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩු කටයුතු සඳහා ඉදිරිපත් කර තිබිණි.