තාඹුගලට අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් කිරීමට අවශ්‍යලු..
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව රහසිගත ප්‍රකාශයක් ලබන 24 වන දා ලබාදීමට අධිකරණය විරංජිත් තාඹුගලට අධිකරණය නියෝග කර ඇත.
තමාට අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බවට විරංජිත් තාඹුගල සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබිණි.
එම ඉල්ලීම සලකා බැලු මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.
රුපියල් කෝටි 07කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව ඇප මත මුදාහැරුණි.