අද රාත්‍රී 8.00 සිට 12.00 දක්වා රට පුරා 35000ක් කරන්න යන විශේෂ දේ..මුළු රටම මේ ගැන අවධානයෙන් ඉන්න.

By Aruna Dec 18, 2024 02:08 AM GMT
Report

ජන හා නිවාස සංගණනයට අදාළව ‘හිසට වහළක් නොමැති ජනතාවගේ’ තොරතුරු සංගණනය අද (18) රාත්‍රි සිදු කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූජා සෙනෙවිරත්න මහත්මිය පවසනවා.

ඇය කියා සිටියේ, පදිංචියට නිවසක් නොමැති අයවලුන් සිටින ස්ථාන ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් මේ වනවිට හඳුනාගෙන තිබෙන බවත්, ඒ අනුව දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්ය මණ්ඩල නිලධාරීන් එම ජනතාව සමීක්ෂණය කිරීමේ කටයුතු අද රාත්‍රි 8 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා සිදු කිරීමට නියමිත බවයි.

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න.(VIDEO)

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න.(VIDEO)


ජන සංගණනයේදී කිසිදු පුද්ගලයකු මග නොහැරෙන ලෙස කටයුතු කරන බවත්, එහිදී හිසට වහලක් නොමැති අයද සංගණනයට එකතු කරගන්නා බව ද ඇය කියාසිටියේ ය.

මෙවර සංගණනයේ තොරතුරු රැස් කිරීම සඳහා නිලධාරීන් 35,000 ක් පමණ යොදවා සිටින බවයි ඇය පැවසුවේ.

අද දිවයින පුරා කාලගුණයේ විශේෂ වෙනසක්..දිස්ත්‍රික්ක රැසකට සිදුවන දේ ගැන අවධානයෙන් ඉන්නැයි කියයි.

අද දිවයින පුරා කාලගුණයේ විශේෂ වෙනසක්..දිස්ත්‍රික්ක රැසකට සිදුවන දේ ගැන අවධානයෙන් ඉන්නැයි කියයි.


අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් කියා සිටියේ, නිවාසවලින් පසුගිය දිනවල ලබාගත් තොරතුරුවලට අදාළව උපත්, මරණ, සංක්‍රමණ (විදෙස්ගත වීම්, රටේ වෙනත් ප්‍රදේශයක පදිංචියට යාම) ආදී තොරතුරු යළි පරීක්ෂා කිරීමේ කටයුතු හෙට (19 වැනිදා) සිට මේ මස 23 වැනිදා තෙක් කාලය තුළදී සිදුකරන බවයි.