චාර්ල්ස් රජුගේ රාජාභිෂේකයට ආරාධනා ලැබුණු ලාංකික දොස්තර.

Report

හිරු නොබසින අධිරාජ්‍යයේ රජු ලෙස පත්වන්නට යන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගිවීමට බ්‍රිතාන්‍යයේ පදිංචි වී සිටින ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයකුට ආරාධනා ලැබී තිබෙනවා.

මොහු නමින් හරීන් ද සිල්වා.

කොවිඩ් වසංගතය කාලයේ එරට දී සිදු කළ සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කමකින් ද වෛද්‍ය හරීන් ද සිල්වා මහතා පිදුම් ලබා තිබෙන අතර එම පදක්කම දෙවැනි එළිසබෙත් රැජින විසින් පිරිනමා තිබෙනවා.

වෛද්‍ය හරීන් ද සිල්වා පවසන්නේ, තමන් ශ්‍රී ලංකාවේ සිට පැමිණ ලන්ඩනයේ දුප්පත් ප්‍රදේශයක හැදී වැඩුණු බවත් රාජාභිෂේක උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබීම තමන් ලැබූ ගෞරවයක් බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW