කොරෝනා බුස්ටර් මාත්‍රාව ගන්නලු... ප්‍රමාද නොවන්න

Report

මේවන විට ඉතාමත් දරුණු ලෙස කොරෝනා වෛරසය පැතිර යමින් ඇති බව ඔස්ට්‍රේලියාව නිවේදනය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාව පුරා නව කොරෝනා ප්‍රභේදයක් හඳුනාගෙන ඇති අතර ජනතාවට COVID-19 booster එන්නත් ලබා ගන්නා ලෙස විශේෂඥයින් ඉල්ලා තිබෙනවා.

මහින්දට ඇත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා

මහින්දට ඇත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා

වික්ටෝරියා ප්‍රාන්තයෙන් රෝගීන්ගෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක්ද බටහිර ඔස්ට්‍රේලියාවේ සහ New South Wales හි 25% ක් ද Queensland වලින් 20% ක් පමණ රෝගීන් ප්‍රමාණයක්ද දැනට හදුනාගෙන තිබෙනවා.

නමුත් COVID රෝගීන් වාර්තා කිරීම තවදුරටත් අනිවාර්ය නොවන නිසා බොහෝ දුරට මෙම සංඛ්‍යාලේඛන ඉදිරියේදී ඉතා ඉක්මනින් වැඩි වන බවයි වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ.

ත්‍රස්ත විරෝධී පනතක් අත්‍යාවශ්‍යයි - අධිකරණ ඇමති

ත්‍රස්ත විරෝධී පනතක් අත්‍යාවශ්‍යයි - අධිකරණ ඇමති

පසුගිය මාස 12 තුළ ෆාමසියකින් හෝ වෛද්‍යවරයෙකුගෙන් booster එන්නත ලබා නොගත් සියලුම පුද්ගලින් නොමිලේ එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler අවධාරණය කර සිටියා.

මෙම නව ප්‍රභේදය ඉතාම ඉක්මනින් පැතිරෙමින් පවතින අතර, මේ වසරේදී පමණක් ඔස්ට්‍රේලියානුවන් 500ක් COVID හේතුවෙන් මියගොස් තිබෙනවා.

නව කොරෝනා ප්‍රභේදයේ රෝග ලක්ෂණ අනෙකුත් ප්‍රභේදවලට වඩා දරුණු බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද වෛද්‍ය Herrero ප්‍රකාශ කර සිටියා.