පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කෝපා එක කේන්ති ගස්සයි - හේතුව මෙන්න
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හඳුනාගත් සමස්ත පුරාවිද්‍යා ස්ථානවලින් 48% ක් ගැසට් නොකිරීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) එහි නිලධාරීන්ට අප්‍රසාදය පළ කර තිබෙනවා.
ඒ අනුව ගැසට් මඟින් ප්‍රකාශයට පත්කරන ලද සහ නොකරන ලද සියලු දත්ත පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත ලබාදෙන මෙන් කාරක සභාව නිර්දේශ කර ඇත.
එමෙන්ම පුරාවස්තු සහ පුරාවිද්‍යා කැණීම් කටයුතු පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව පිළිබඳවද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුව ඇත.
මෙම කරුණු සාකච්ඡා වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය 6 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021, 2022 හා 2023 යන වර්ෂයන්වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා. එමෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.
එසේම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් දැක්වූයේ සංචාරක ආකර්ෂණය දිනාගැනීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම ඉතාම වැදගත් බවයි.
එබැවින් මේ පිළිබඳව අවධානය යොමු කර කඩිනමින් වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට ක්‍රමවේදයක් සකස් කරන මෙන් කාරක සභාව උපදෙස් දී ඇත.
එහිදී කාරක සභා සභාපති පෙන්වා දුන්නේ කාරක සභාව 2023 ඔක්තෝම්බර් 03 දින රැස් වූ අවස්ථාවේදී, රටේ සියලු පුරාවිද්‍යා කැණීම් සිදු කරන ලද ස්ථාන, එම කැණීම් මඟින් සිදු කරන ලද සොයාගැනීම් සහ ඒවායේ සාර්ථක අසාර්ථක බව, එම කැණීම් තවදුරටත් ඉදිරියට කරගෙන යා යුතුද, නැද්ද යන්න, කැණීම් කළ යුතු වෙනත් ස්ථාන මොනවාද යනාදී තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළත් කර පවත්වාගෙන යන මෙන් නිර්දේශ කර තිබෙන බවයි.
මේ අතර කාරක සභාවේ සභාපතිවරයා මේ පිළිබඳව වර්තමාන ප්‍රගතිය විමසා සිටියත් පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වනවිටත් සියලු තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් නොමැති බවයි. එසේම කැණීම් බලපත්‍රවලට පමණක් අදාළව දත්ත පද්ධතිය පවත්වාගෙන යන බවත් ඔවුන් පැවසුවා.
එම රැස්වීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සුගත් තිලකරත්න, අරවින්ද සෙනරත් සහ නලීන් හේවගේ සාමාජික මන්ත්‍රීවරැන් වන එම්. එල්. එම්. හිස්බුල්ලා, (වෛද්‍ය) ජනක සේනාරත්න, ටී. කේ. ජයසුන්දර, චන්දන සූරියආරච්චි, (නීතීඥ) සාගරිකා අතාවුද, (නීතීඥ) තුෂාරි ජයසිංහ, ඔෂානි උමංගා, ලාල් ප්‍රේමනාත්, මංජුල සුරවීර ආරච්චි, රුවන්තිලක ජයකොඩි සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීන් එක් වී ඇත.