ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් සිද්ධිය අදාල තව ලිපි තොගයක් CIDයට.
ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය අද (26) CIDයට ලිපි ගොනු තොගයක් භාර දී තිබෙනවා.
එමෙන්ම ඖෂධ නියාමන අධිකාරිය තුළ සිදුවන තවත් ව්‍යාජ ලිපි ගනුදෙනුවක් සම්බන්ධයෙන් ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු දක්වා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, දරුවන් සඳහා ලබාදෙන ඖෂධයක් ව්‍යාජ ලියකියවිලි සකසා ගෙන්වා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.
ඔවුන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ, ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ වංචාව සම්බන්ධයෙන් වන පරීක්ෂණවල ප්‍රගතිය විමසා බැලීමටයි.
මේ අතර, ඖෂධ මාෆියාව සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ වසන්ත යාපා බණ්ඩාර අද එහි පැමිණ තිබුනා.