වහාම ක්‍රියාතමක පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට විශේෂ ගාස්තුවක් පහළ දමයි..

Government Of Sri Lanka Litro Gas Economy of Sri Lanka Businessman Latest Headlines
By Sewvandhi Oct 01, 2024 04:35 PM GMT
Sewvandhi

Sewvandhi

Report

බහාලුම් ප්‍රවාහන ගාස්තු අඩුකෙරෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය සඳහන්කර සිටින්නේ, අද (01) මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු 4%කින් අඩුකෙරන බවයි.

මේ අතර, ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ, මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බවයි.

ප්‍රබල අමාත්‍යවරයෙක් මෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකුද වූ ප්‍රබලයෙකුගේ පුතෙකුගේ ගේම් එකක් මාට්ටු.. සියලු හඩපටත් සහිතයි..වීඩියෝව මෙන්න (VIDEO)

ප්‍රබල අමාත්‍යවරයෙක් මෙන්ම ජනාධිපති අපේක්ෂකයෙකුද වූ ප්‍රබලයෙකුගේ පුතෙකුගේ ගේම් එකක් මාට්ටු.. සියලු හඩපටත් සහිතයි..වීඩියෝව මෙන්න (VIDEO)

ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩි වන පරිසරයකදී වුවද ලිට්‍රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවයි, නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ.

මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදු කළ බැවින් පාරිභෝගික ජනතාවට සහන සැලසීමට හැකිවූ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වැඩිදුරටත් දන්වා සිටී.

මේ අනුව 2024 ඔක්තෝබර් මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වෙයි. ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහත දක්වා ඇත.

කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690කි.

කිලෝගෑස් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් වෙයි.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694කි.