පාරිභෝගික අධිකාරියෙන් දිවයින පුරා වැටලීම්...

Report

 මේ වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 22ක මුදලක් දඩ ලෙස අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම, තොග සැඟවීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් එම දඩ මුදල් අය කරගෙන ඇති බවයි.

මෙම වැටලීම් පසුගිය ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ සිදු කර තිබෙනවා.

පාරිභෝගික අධිකාරියෙන් දිවයින පුරා වැටලීම්... | Consumer Authority Raids Island Wide

එම අධිකාරිය සඳහන් කළේ දිවයින පුරා වැටලීම් 22,000ක් පමණ සිදු කර ඇති අතර, ඉන් 19,000කට නඩු පවරා ඇති බවයි.

ඊයේ (15) දිනයේ පමණක් පොළොන්නරුව සහ නුවරඑළිය ප්‍රදේශවල සිදු කළ වැටලීම් කිහිපයකින් රුපියල් ලක්ෂ 04ක මුදලක් දඩ ලෙස අය කරගෙන තිබෙනවා.

දිවයින පුරා අඛණ්ඩව වැටලීම් සිදු කරන බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරනවා. 

අද වර්ධනය වන ගැඹුරු පීඩන අවපාතය..වැසි ලැබෙන වෙලාව මෙන්න - එළියට යනවා නම් මේ ගැනත් අවධානයෙන් සිටින්න..

අද වර්ධනය වන ගැඹුරු පීඩන අවපාතය..වැසි ලැබෙන වෙලාව මෙන්න - එළියට යනවා නම් මේ ගැනත් අවධානයෙන් සිටින්න..

......................