මොසාඩ් එක ලංකාවට? - ඊශ්‍රායල ජාතිකයින් විසින් සිදුකරන ඉදිකිරීම්වලට අවසර දීම ගැන අගමැති හරිනිගෙන් ප්‍රකාශයක්.

Sri Lanka Government Of Sri Lanka Israel Harini Amarasuriya
By Wayomi Jan 08, 2025 11:17 AM GMT
Wayomi

Wayomi

Report

ඊශ්‍රායල ජාතික ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා රජයේ කිසිදු ආයතනයකින් අවසරයක් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (08) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් යොමුකළ ප්‍රශ්නයක පිළිතුරු දෙමින්.

දිවයින පුරා ගුරුවරුන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්.

දිවයින පුරා ගුරුවරුන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්.

"ඊශ්‍රායල ජාතිකයින් ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා මේ දක්වා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හෝ ඒ යටතේ පවතින දෙපාර්තමේන්තු මගින් අවසර ලබාදීමක් සිදුකර නැහැ. නමුත් අපි දන්නවා ඔවුන් එවැනි මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවට. ඒ සම්බන්ධයෙන් අපිට තොතරු ලැබිලා තියෙනවා. ඒවා පිළිබඳව අපි නිරීක්ෂණයක් කරලා තියෙනවා. එවා අවසරයෙන් කරන ඒවා නෙමෙයි. කිසිවිටක අවසරයක් දීලා නැහැ. ඒ පිළිබඳව මොකද්ද සිදුකළ යුතුතේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒවා නවත්නවන් කුමක්ද කළ යුත්තේ විදෙස් කටයුතු අමාත්‍යාංශය මගින් මැදිහත්වීමක් සිදුවෙනවා."

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පෙන්වා දුන්නේ අද වනවිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ඊශ්‍රායල් ආගමික මධ්‍යස්ථාන හෝ සංස්කෘතික මධ්‍යස්ථාවටල ආරක්ෂක අමාත්‍යංශය මගින් අවරසය ලබාදී ගොඩනගමින් පවතින බවයි .

ඒ, අනුව මන්ත්‍රී මුජිබුර් රහුමාන් වැඩිදුරටත් කියා සිටියේ, එවැනි ස්ථානවලට පොලිස් හා විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ද යොදවා ඇති බවයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වීමට නියමිතව තිබූ බස් වර්ජනය ගැන විශේෂ දැනුම්දීමක්. - (VIDEO)

අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වීමට නියමිතව තිබූ බස් වර්ජනය ගැන විශේෂ දැනුම්දීමක්. - (VIDEO)


You May Like This Video

 

ReeCha