සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටාට පැනයාමට සහාය වු කොස්තාපල්...

By Piyumika Feb 19, 2025 02:12 AM GMT
Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් 'හරක් කටා'ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවෙන් පැනයාමට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තවත් සිව්දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අලි දුරකථන හවුලට මොකද වෙන්නේ... සජබ අභ්‍යන්තර අර්බුද දීගෙට බධාවක්?...

අලි දුරකථන හවුලට මොකද වෙන්නේ... සජබ අභ්‍යන්තර අර්බුද දීගෙට බධාවක්?...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින නඳුන් චින්තක නොහොත් 'හරක් කටා' ඉන් පළායාමට පසුගිය 2023 වසරේ දී උත්සාහ ගෙන තිබුණි.

ඒ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ රවිදු සන්දීප‍ නැමැත්තා සහාය ලබා දී තිබු බව වාර්තා වුණි.

අඛණ්ඩ ජල සැපයුමට බාධා ඇති විය හැකි බවට ජල සම්පාදනයෙන් දැනුම්දීමක්...

අඛණ්ඩ ජල සැපයුමට බාධා ඇති විය හැකි බවට ජල සම්පාදනයෙන් දැනුම්දීමක්...

පසුව අදාළ සැකකාර පොලිස් කොස්තාපල්වරයා අතුරුදන්ව සිට ඇති අතර ඔහු සොයා විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනවලට අනුව අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තවත් සිව්දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

You may like this video