කොංගෝවේ ඉබෝලා වසංගතය දරුණු අතට - මරණ සංඛ්‍යාව 930 ඉක්මවයි

Report

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පැතිර යන ඉබෝලා වසංගතයෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 930 දෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෙනසුරාදා වන විට තහවුරු වූ ඉබෝලා ආසාදිතයන් සංඛ්‍යාව 2,344ක් බවත්, ඒ අතරින් මෙම මරණ වාර්තා වී ඇති බවත් අමාත්‍යාංශය සඳහන් කළේය.

පසුගිය පැය 24 තුළ පමණක් නව මරණ 37ක් වාර්තා වී ඇති අතර, එය එක් දිනකදී වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාවලින් එකකි.

නැගෙනහිර කොංගෝ ප්‍රදේශයේ මැයි 15 වැනිදා ප්‍රකාශයට පත් කළ මෙම ඉබෝලා වසංගතය, මේ දක්වා වාර්තා වූ වේගයෙන්ම ව්‍යාප්ත වන ඉබෝලා වසංගතය ලෙස සැලකේ. මෙවර වසංගතයට හේතු වී ඇත්තේ බුන්ඩිබුග්යෝ වෛරසය වන අතර, එය අනෙකුත් ඉබෝලා වෛරස් වර්ගවලට වඩා දුර්ලභ එකක් බවත්, මේ සඳහා අනුමත එන්නතක් හෝ ප්‍රතිකාරයක් තවමත් නොමැති බවත් වාර්තා වේ.

ලෝකයම කම්පා කළ උගන්ඩාවේ පාසල් චාරිකාව – බස් අනතුරින් 21 දෙනෙකු ජීවිතක්ෂයට

ලෝකයම කම්පා කළ උගන්ඩාවේ පාසල් චාරිකාව – බස් අනතුරින් 21 දෙනෙකු ජීවිතක්ෂයට

ඉබෝලා බහුලව බලපා ඇති ඉටුරි පළාතේ ආරක්ෂක ගැටලු හේතුවෙන් වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ කටයුතු දැඩි අභියෝගයකට මුහුණ දී තිබේ.

මැයි මැද භාගයේ වසංගතය ආරම්භ වූ දා සිට සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ සෞඛ්‍ය සේවක කණ්ඩායම් ඉලක්ක කර අවම වශයෙන් ප්‍රහාර 12ක් වාර්තා වී ඇති බව බලධාරීන් පවසයි. එමෙන්ම වැටුප් ගෙවීම් සම්බන්ධ ගැටලු හේතුවෙන් සෞඛ්‍ය සේවකයන් රැසක් සේවයෙන් ඉවත්ව විරෝධතා පවත්වමින් සිටිති.

වෛරසයට ගොදුරු වූ සෞඛ්‍ය සේවකයන් අතරින් අවම වශයෙන් 36 දෙනෙකු මියගොස් ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වන විට රෝගීන් 724 දෙනෙකු හුදකලා කිරීමේ මධ්‍යස්ථාන සහ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

බලපෑමට ලක් වූ සෞඛ්‍ය කලාපවල වසංගත පාලන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

මේ රටේ උපදින සෑම දරුවෙකුටම මාරාන්තික රෝගයක් සම්බන්ධයෙන් පරික්ෂාවක් - සොයා නොගත්තොත් වසර 2න් මරණය

මේ රටේ උපදින සෑම දරුවෙකුටම මාරාන්තික රෝගයක් සම්බන්ධයෙන් පරික්ෂාවක් - සොයා නොගත්තොත් වසර 2න් මරණය