සරසවි සිසුන් දෙපිරිසක් අතර ගුටි හුවමාරුවක් - නේවාසිකාගාරවලනිනුත් වහාම ඉවත් කරයි.
පෙරේදා (16) රාත්‍රියේ ඌව වෙල්ලස්ස සරසවියේ දෙවන හා තෙවන වසර සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් සිදු වී තිබෙනවා.
ඒ හේතුවෙන් ගැටුමට සම්බන්ධ සිසුන්ට තාවකාලිකව විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත්ව යන ලෙස විශ්ව විද්‍යාල පාලනාධිකාරිය අද (18) දැනුම් දෙනු ලැබීය.
එම ගැටුමෙන් තුවාල ලැබූ දෙවන වසර සිසුවකු රෝහල්ගත කර ඇත.
ගැටුම්කාරි තත්ත්වය තව දුරටත් වර්ධනය වීම වැළක්වීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය එම විශ්ව විද්‍යාලයීය දෙවන වසර සිසුන්ට සහ තෙවන වසර සිසුන්ට අද නේවාසිකාගාරවලින් ඉවත්ව පිටව යන ලෙස දැනුම් දෙනු ලැබුවේ.