ලංකාවේ කොන්ඩම් මිල සම්බන්ධයෙන් පවුල් සංවිධානයෙන් දැනුම්දීමක්

Report

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ උපත් පාලන කොපු (කොන්ඩම්) මිල ඉහළ යාමේ අවදානමක් මතුව තිබුණද, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මේ මොහොතේ මෙරට මිල ගණන් ඉහළ දැමීමට පියවර නොගන්නා බව  සහතික වෙයි.

ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයේ ගැටුම් නිසා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම මත, ලොව විශාලතම කොන්ඩම් නිෂ්පාදකයා වන මලයාසියාවේ 'කැරෙක්ස්' (Karex Bhd) සමාගම සිය මිල ගණන් 20%ත් 30%ත් අතර ප්‍රමාණයකින් වැඩි කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදුලි කප්පාදුව පිළිබඳව රජයෙන් විශේෂ දැනුම්දීමක්

විදුලි කප්පාදුව පිළිබඳව රජයෙන් විශේෂ දැනුම්දීමක්

කෙසේ වෙතත්, මෙරට වෙළෙඳපොළේ 90%ක අලෙවියක් හිමිකරගෙන ඇති ප්‍රධාන කොන්ඩම් වර්ගය ඇතුළු වර්ග හයක මෙරට බෙදාහැරීමේ නියෝජිතයා වන පවුල් සංවිධාන සංගමය පවසන්නේ, මෙම වසරට අවශ්‍ය ප්‍රමාණවත් තොග මේ වන විටත් තමන් සතුව පවතින බවයි.

ලෝකෙම කතාබහට ලක්වූ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඇරඹෙයි - සුපිරි නළු තලපති විජෙයි නිසා සැවොම කුතුහලෙන්

ලෝකෙම කතාබහට ලක්වූ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඇරඹෙයි - සුපිරි නළු තලපති විජෙයි නිසා සැවොම කුතුහලෙන්

ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් කොන්ඩම් ආනයනය කරනු ලබන්නේ තායිලන්තය, ඉන්දියාව සහ වියට්නාමය යන රටවලිනි.