පාසල් පෙමින් උමතුව පෙම්වතා ගෙදරට ගෙන්වාගෙන කරපු දෙයක්..

Report

තම නිවසට පැමිණි 15 හැවිරිදි පාසල් සිසුවෙකු විසින් සිය දියණිය ව ලිංගික අතවරයට ලක් කළ බවට වන පැමිණිල්ලක් හොරණ මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යාංශයට ලැබී තිබෙනවා.

අතවරයට ලක් වූවේ යැයි පැවසෙන දැරියගේ මව විසින් අදාළ පැමිණිල්ල සිදු කරන ලද බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක්.

බේරේ වැවේ සතුන් මිය ගියේ ඇයි?..

බේරේ වැවේ සතුන් මිය ගියේ ඇයි?..

දැනට මාස 09ක පමණ සිට අදාළ තරුණ පිරිමි ළමයා සමග සිය දැරිවිය ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් 2024 දෙසැම්බර් මාසයේ සිකුරාදා දිනෙක දෙදෙනා පළමු වරට ලිංගික ව එක් ව ඇති බවත් වරින් වර ඉන් පසුව ද ඔවුන් දෙදෙනා මෙලෙස මුණගැසී ඇති බවත් පැවසෙනවා.

ඊයේ (28) දිනයේ දී ද දැරිය විසින් සැකකාර පෙම්වතා ව සිය නිවසට ගෙන්වාගෙන ඇති අතර පෙර පරිදි ලිංගික ව හැසිරෙමින් සිටියදී දැරියගේ වැඩිමහල් සොහොයුරා නිවසට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

සාමාන්‍ය පෙළ කාල සටහන නිකුත් කරයි..

සාමාන්‍ය පෙළ කාල සටහන නිකුත් කරයි..

එම අවස්ථාවේ දී සොයුරා විසින් තරුණ පෙම්වතාට සහ සිය නැගණියට පහර දී ඇති අතර පහරකෑ තරුණයා මුහුණේ තැලුම් පහර සමගින් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියට මුහුණ දුන් දැරිය පොලිසිය මගින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

හොරණ පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

You may like this video