සමාගම් අධ්‍යක්ෂකගේ නිවසින් හමු වූ දේ

Police spokesman Sinhala news
By Hashini May 02, 2025 05:37 AM GMT
Hashini

Hashini

Report

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයකුගේ වැලිකඩ නාවල නිවෙසේ සඟවා තිබි ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයාගත් බව බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසනවා.

සිදු කල පරීක්ෂණ වලදී එම අධ්‍යක්ෂවරයා ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර අධ්‍යක්ෂකවරයා සමඟ බලපත්‍ර නොමැති පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, රිපිටර් වර්ගයේ ගිනි අවියක් හා බලපත්‍ර සහිත තවත් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ එම ජීව උණ්ඩ 20 ක් මෙසේ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරු රොක් පොස්පේට් අපනයන කරන සමාගම් සඳහා උපදේශන සේවාව සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයකු වශයෙන් කටයුතු කරන බවයි.

ඉන්දු පකිස්තාන ගැටුමෙන් ශ්‍රී ලන්කන් අමාරුවේ...

ඉන්දු පකිස්තාන ගැටුමෙන් ශ්‍රී ලන්කන් අමාරුවේ...

රොක් පොස්පේට් අපනයනය කිරීමේ දී සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ ලැබී ඇති පැමිණිල්ලකට අදාළව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කරන විමර්ශනයකට අදාළව අධිකරණයෙන් ලබා ගන්නා ලද සෝදිසි වරෙන්තුවක් මත සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී මෙම ගිනි අවි හමු වූ බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 56 හැවිරිදි පුද්ගලයෙකි.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. 

මාලිමාව මැයි පෙළපාලිය නොපැවැත්වීමට දුමින්ද නාගමුව හේතු කියයි

මාලිමාව මැයි පෙළපාලිය නොපැවැත්වීමට දුමින්ද නාගමුව හේතු කියයි

ReeCha