කොළඹ කොටස් වෙළෙඳපොළන් විශේෂ දැනුම්දීමක්
එළඹෙන මැයි 06 අඟහරුවාදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු පස්වරු 12:30ට අවසන් කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කරයි.
සාමාන්‍යයෙන් ගනුදෙනු පෙරවරු 9:30 සිට පස්වරු 2:30 දක්වා පැවැත්වෙන අතර, ආයෝජකයින්, කාර්ය මණ්ඩලය සහ වෙළෙඳපොළ සහභාගිකයින්ගේ පහසුව තකා මැතිවරණ දිනයේ ගනුදෙනු සුපුරුදු වේලාවට පෙර අවසන් කිරීමට තීරණය කර ඇත.