මහ බැංකු වාර්තාවෙන් සතුටු හිතෙන ආරංචියක් - කොළඹ කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගිය සතියේ නිකුත් වූ ආර්ථික දත්ත වාර්තාවට අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇත.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) සියයට 1.18කින් ඉහළ ගොස් ඒකක 21,623.17ක් ලෙසත්, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 (S&P SL 20) දර්ශකය සියයට 1.30කින් ඉහළ ගොස් ඒකක 6,065.72ක් ලෙසත් සටහන් වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ .
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය වසරේ මේ දක්වා (Year-to-date) කාලය තුළ සියයට 7.1ක අවප්‍රමාණය වීමක් වාර්තා කර තිබේ
දේශීය මූල්‍ය වෙළෙඳපොළ තුළ වාණිජ බැංකු මගින් සිය ප්රමුඛපෙළේ ගනුදෙනුකරුවන්ට ලබාදෙන සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) පසුගිය සතියට සාපේක්ෂව පදනම් ප්‍රසාද ලකුණු 19කින් ඉහළ ගොස් සියයට 10.95ක් ලෙස සටහන්ව ඇත
ජූනි මාසයේ කාර්මික නිෂ්පාදන දර්ශකය (IIP) සියයට 0.8කින් ඉහළ ගොස් 99.2ක් ලෙස සටහන් විය.
ඒ සඳහා ආහාර නිෂ්පාදන (සියයට 6.8ක වර්ධනයක්) සහ ලෝහ නොවන ඛනිජ නිෂ්පාදන (සියයට 7.2ක වර්ධනයක්) ප්‍රධාන වශයෙන් දායක වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර තිබේ .