කොළඹ කොටස් වෙළෙඳපොල ඉහළට - නව අගයන් මෙන්න
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (13) දින කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 120.43 කින් ඉහළ ගියේය.
ඒ අනුව දවසේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,539.00 ක් ලෙස සටහන් විය.
අද දින වෙළෙඳපොළ තුළ සිදු වූ සමස්ත ගනුදෙනුවල පිරිවැටුම රුපියල් බිලියන 2.7 ක් ලෙස සටහන් වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වාර්තා තහවුරු කරයි.