පිට පිට වාර්තා තබන කොටස් වෙළඳපොළ අද තැබූ වාර්තාව..
අද (27) කොළඹ කොටස් වෙළෙඳපොළ දිගින් දිගටම අලුත් වන වාර්තාවන් නැවත වරක් බිඳ දමමින් ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 126.81කින් ඉහළ ගොස් ඉතිහාසයේ ඉහළම අගය යළිත් වරක් සනිටුහන් කරමින් ඒකක 17,044.67 ක් ලෙසින් සටහන් විය.
පසුගිය ජනවාරි 23 වනදා පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව පසු කරනු ලැබීය.
මේ අතර S&P SL20 මිල දර්ශකය ගනුදෙනු අවසානයේ ඒකක 25.25කින් ඉහළගොස් ඒකක 5,145.37 ක් ලෙසින් දැක්වුණි. අද සමාගම් 122ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර මෙල්ස්ටාකෝප්, ලංකා IOC, බුකිට් ඩාරා, HNB සහ කාර්සන් කම්බබැච් යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.
මේ අතර සමාගම් 86ක මිල ගණන් අද පහළ ගිය අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, NDB, LOLC හෝල්ඩිංග්ස් , සිලෝන් බෙවරේජ් හෝල්ඩ්ංග්ස් සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් යන සමාගම් වලින් මිල දර්ශක වලට ලැබී තිබුනේ සෘණාත්මක බලපෑමකි.
අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 5.93ක් ලෙසයි.(උපුටාගැනීමක්)
………………………………………………………………
You may like this video 👇