කොළඹ වරාය නගරයේ අලුත්ම වෙනසක්?.
කොළඹ වරාය නගරයේ නම ඉදිරියේ දී කලම්බු ෆයිනෑන්ෂල් සිටි ලෙස වෙනස් විය හැකි බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ ය.
ඒ අද (19) පාර්ලිමේන්තුවේ දී වරාය නගරය පිළිබඳ රෙගුලාසි කිහිපයක් සම්බන්ධයෙන් පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
එමෙන්ම ඩුබායි සහ අබුඩාබිහි දී ලබන 26 වනදා කොළඹ වරාය නගරය නිල වශයෙන් ආයෝජන සඳහා හදුන්වා දෙනු ලබයි.
හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ද ඒ සඳහා සහභාගී වන අතර වරාය නගරයේ ආයෝජනය කිරීමට දැනටමත් ආයෝජකයන් 17 දෙනෙකු ඉදිරිපත් වී ඇති බව ඔහු පැවසුවේ ය.
කෙසේ වෙතත්, නව රෙගුලාසි සම්මත කළ පසුව වරාය නගර ව්‍යාපෘතියේ විශාල වෙනසක් වනු ඇති අතර ආයෝජකයන්ට වැඩ කටයුතු ආරම්භ කිරීමට ද හැකියාව ලැබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.