කොළඹ කොටුව - මහනුවර දුම්රිය මාර්ගයේ වැඩ කඩිනම්- දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සුබ ආරංචියක්
By Kanchana
කොළඹ කොටුව සහ මහනුවර අතර පේරාදෙණිය හරහා ක්‍රියාත්මක දුම්රිය සේවා ලබන මාසයේදී යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දිගල මහතා පවසයි.
රඹුක්කන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බැවින්, එම මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ඔහු සඳහන් කළේය.
ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දායක වන දුම්රිය සේවකයින්ගේ කැපවීම හේතුවෙන් මේ වනවිට සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවී ඇති බවද දිගල මහතා පැවසීය.
ඉතිරි ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් අවසන් කර, ලබන මාසයේදී කොළඹ සහ මහනුවර අතර දුම්රිය සේවා යළි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.