කොළඹ ජාත්‍යාන්තර සිනමා උළෙල ජුලි 08 සිට...
By Parami Dissanayake
කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ජූලි මස 08 වැනිදා සිට14 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ජාතික චිත්‍රපට සංස්ථාව සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් මෙම චිත්‍රපට උළෙල පැවැත්වීමට තීරණය කර ඇත.
මේ සඳහා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන අය විසින් ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව ද සඳහන් වේ.
එමෙන් ම, මෙම සිනමා උළෙලේ මුඛ්‍ය පරමාර්ථය නම්, ඉරානය,ප්‍රංශය,ඉන්දියාව,දකුණු කොරියාව,චීනය,ජපානය හා ජර්මනිය ඇතුළු රටවල් ගණනාවක දේශීය හා විදේශීයව සම්මානයට පාත්‍රවූ චිත්‍රපට නැරඹීමට ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයිනට අවස්ථාව උදාකරදීමත් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමත් ය..