බඩගින්නට තවත් තට්ටුවක් - අගෝස්තු මාසයේ පාරිභෝගික උද්ධමනයේ අලුත්ම වාර්තාව මෙන්න
කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය මෙම වසරේ අගෝස්තු මාසයේදී සියයට 8ක් දක්වා ඉහළ ගොස් ඇත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (31) නිකුත් කළ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, ජූලි මාසයේදී සියයට 7.3ක්ව පැවති උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී සියයට 8ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය සියයට 8.5ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ජූලි මාසයේදී එය සියයට 6.3ක් ලෙස වාර්තා වී ඇත.
කෙසේවෙතත්, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී සියයට 7.7ක් දක්වා අඩු වී තිබේ.
එම අනුපාතය ජූලි මාසයේදී සියයට 7.8ක් ලෙස වාර්තා වී තිබේ.