ඉෂාරා සෙව්වන්දිට අනුබල දුන් ඩුප්ලිකේට් සෙව්වන්දි ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්

Report

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාතාල කල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට ආධාර අනුබලදීම සහ නවාතැන් පහසුකම් සැපයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි නන්ද කුමාර් තක්ෂි සහ තවත් සැකකරුවෙකු ජනවාරි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

මොවුන්ව දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තිබූ අතර මෙම සැකකරුවන් දෙදෙනා අද (07) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවට කැදවීමෙන් අනතුරුව මෙලෙස සැකකරුවන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුප් - අලුත්ම ආරංචිය මෙන්න

පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුප් - අලුත්ම ආරංචිය මෙන්න

ගමන් බිමන් යන අයට සුහ ආරංචියක් - අඩු වියදමින් ගමන් යන්න අවස්ථාවක්

ගමන් බිමන් යන අයට සුහ ආරංචියක් - අඩු වියදමින් ගමන් යන්න අවස්ථාවක්