කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ වෙයි- BMICH පරිශ්‍රයේදී දින 10ක් පුරා

By Kanchana Sep 25, 2026 03:09 AM GMT
Report

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වේ.

දින 10ක් පුරා පැවැත්වෙන මෙවර පොත් ප්‍රදර්ශනය ඔක්තෝබර් 4 වැනිදා දක්වා සෑම දිනකම පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වීමට නියමිතය. 

27 වැනි වරට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී දේශීය මෙන්ම විදේශීය ප්‍රකාශන රැසක් විශේෂ වට්ටම් යටතේ මිලදී ගැනීමට පාඨක ජනතාවට අවස්ථාව හිමි වේ.

මේ අතර, පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා ඉල්ලා සිටින්නේ, ප්‍රදර්ශන භූමියට පොලිතින් රැගෙන ඒමෙන් වළකින ලෙසයි.

මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්

මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්