දැඩි සීත කාලගුණයෙන් දරුවෝ 10 ක් මරුට
අධික සීතල කාලගුණය හේතුවෙන් ගාසා තීරයේ ළමා මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංවිධානය නිකුත් කළ නිවේදනයකට අනුව, මේ වනවිට දැඩි සීතල තත්ත්වයන් හේතුවෙන් මියගිය කුඩා දරුවන් ගණන 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය දැඩි මානුෂීය අර්බුදයක් බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත.
පලස්තීනුවන් වාසය කරන ගාසා තීරය ඊශ්‍රායලයට මෙන්ම ඊජිප්තුවට ද මායිම්ව පවතින අතර, මානුෂීය ආධාර ගාසා ජනතාවට ලබාදීමේ අරමුණින් ඊජිප්තු බලධාරීන් රෆා දේශසීමාව විවෘත කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
දැඩි සීතල කාලගුණය හේතුවෙන් මියගොස් ඇත්තේ ඊශ්‍රායල ප්‍රහාරවලින් උන්හිටිතැන් අහිමි වී, තාවකාලික කූඩාරම්වල රැඳී සිටින දරුවන් බව ද සඳහන් වේ.
මේ අතර, ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 70,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ඊශ්‍රායල හමුදාව පවසයි. එම මරණ සංඛ්‍යාවට හමාස් සටන්කාමීන්ද ඇතුළත් බව ඊශ්‍රායල හමුදාව සඳහන් කර ඇත.
අපි ජනතා විමුත්ති පෙරමුණ විපක්ෂයේ ඉන්නකොට හිටියා වගේ කටයුතු කරන්නේ නෑ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ කට අරියි
පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය ද මෙම තත්ත්වය තහවුරු කරමින්, තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 171,343 දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කර ඇත.
මේ වනවිට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද, එම කාලය තුළද ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව වාර්තා වෙයි.