පොල් ගස් නිසා රජය ලොකු අර්බුදයක - කපන්න යද්දි කැති පොලු උස්සන් එනවා

Report

මාතර දිස්ත්‍රික්කය තුළ මේ වන විට ක්‍රියාත්මක වන පොල් ගස් 5,000ක් කපා ඉවත් කිරීමේ වැඩසටහනට ආරක්ෂාව ලබාදෙන මෙන් පොල් වගා කිරීමේ මණ්ඩලය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

මෙසේ පොල් ගස් ඉවත් කිරීමට තම නිලධාරීන් කණ්ඩායම් යන විට පොල් වගාකරුවන් කැති, පොලු, පිහි රැගෙන මරණීය තර්ජන එල්ල කිරීම්, බිය වැද්දීම්, පහර දීමට උත්සාහ කිරීම් මෙන්ම සුනඛයින් ලවා බිය වැද්දීම් කරන නිසා තම රාජකාරිය සිදු කිරීමට බාධා එල්ල වෙමින් පවතින බවට එම මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පවසයි.

එබැවින් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත එම පොල් වගාකරුවන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට හැකියාව ඇතත් ඒ සම්බන්ධයෙන් සානුකම්පිතව බැලිය යුතු බවද ඔහු දක්වයි.

ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට, ජනමාධ්‍ය අමාත්‍යාංශයට, මාතර දිස්ත්‍රික් ලේකම්වරයාට මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන්ට මේ වන විටත් දැනුම් දී තිබෙන බවත් වාර්තා වේ.

IMF එකෙන් ශ්‍රී ලංකාවේ 5 වෙනි සමාලෝචනය ගැන දැනුම්දීමක්

IMF එකෙන් ශ්‍රී ලංකාවේ 5 වෙනි සමාලෝචනය ගැන දැනුම්දීමක්

මෙම තර්ජනය කිරීම් හමුවේ පොල් ගස් කපා ඉවත් කිරීමේ වැඩසටහනට පොල් වගා කිරීමේ මණ්ඩලයේ සහ ක්ෂේත්‍ර නිලධාරීන් 7 දෙනෙකු බැගින් කණ්ඩායම් 20ක් යොදවා තිබෙන අතර එම පිරිස සඳහා පොලිස් ආරක්ෂාව බලාපොරොත්තු වන බව සඳහන්.

එසේම පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා වැඩිදුරටත් පවසන්නේ දැනටමත් මාතර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිහිපයකම පොල් වගාකරුවන්ගේ තර්ජන සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක්ම කර ඇති බවයි.

කෙසේ වෙතත් මාතර දිස්ත්‍රික්කයේ පොල් ගස් 5,000ක් කපා විනාශ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය, "රේන්ද මකුණා" යන නාමයෙන් හඳුන්වනු ලබන ආක්‍රමණික කෘමියකු නිසා පැතිරයන "වැලිගම විල්ට්" නමින් හැඳින්වෙන රෝගය හේතුවෙන් ගෙන ඇති බව පවසයි.

යතුරුපැදි හා ත්‍රිරෝද රථ අනතුරේ දැන්ම පරිස්සම් කරගන්න

යතුරුපැදි හා ත්‍රිරෝද රථ අනතුරේ දැන්ම පරිස්සම් කරගන්න

ඒ අනුව පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කරන්නේ දැනට මාතර දිස්ත්‍රික්කයේ පමණක් පොල් ගස් 6,200ක් මෙම රෝගයට ගොදුරු වී ඇති බවයි. එනිසා ඉකුත් 11 වන දින පටන් දිනකට පොල් ගස් 500ක් බැගින් සති දෙකක් ඇතුළත පොල් ගස් විනාශ කිරීම ආරම්භ කර ඇත.

අඳාළ කෘමියා විනාශ කරන පොල් ගස වසර දෙකක් ඇතුළත නරක් වීමේ තර්ජනයට ලක් වන බව ද පවසයි.

එසේම මෙම රෝගය මේ වන විට මාතර, ගාල්ල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික් කිහිපයක තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවද හඳුනාගෙන ඇත.

එමෙන්ම පොල් වගා කිරීමේ මණ්ඩලය අනුමාන කරන්නේ "රේන්ද්‍ර මැස්සා" මාර්ගයෙන් ව්‍යාප්ත වන මෙම රෝගය ඉන්දුනීසියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ පැමිණ ඇති බවටයි.

ආයේ ඉන්ධන මිලට ගන්න වෙන්නෙ මෙහෙමයි - අලුත් ක්‍රමයක්

ආයේ ඉන්ධන මිලට ගන්න වෙන්නෙ මෙහෙමයි - අලුත් ක්‍රමයක්