ඉන්දියාවෙන් පොල් ලංකාවට ගෙනෙයි..පොල් ගැන රටටම සුබ ආරංචියක්.!

Report

ඉන්දියාවේ වගා කෙරෙන වැඩි පොල් ඵලදාවක් ලබාදෙන ප්‍රභේදයක් මෙරට දෙවන පොල් ත්‍රිකෝණය වන උතුරු පළාත ආශ්‍රිත ඉඩම්වල වගා කිරීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව, උතුරු පළාතේ පොල් ත්‍රිකෝණයේ අලුතින් අක්කර 40,000 ක පොල් වගා කිරීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.

මෙරට බැංකු සහ මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක් අර්බුධයකට මුහුණ දෙයි..ගිණුම් හිමියන් එකවරම ගිණුම් වලින් මුදල් ඉවත් කර ගනී.

මෙරට බැංකු සහ මූල්‍ය ආයතන විශාල ප්‍රමාණයක් අර්බුධයකට මුහුණ දෙයි..ගිණුම් හිමියන් එකවරම ගිණුම් වලින් මුදල් ඉවත් කර ගනී.


වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පවසන්නේ, මෙරට වගා කර තිබෙන පොල් ගසකින් වරක දී පොල් ගෙඩි 50 ත් 55 ත් අතර අස්වැන්නක් ලබා ගත්ත ද, ඉන්දියාවේ ඉඩම්වල වගා කරන ඇතැම් පොල් ප්‍රභේදවලින් පොල් ගෙඩි 90 ක පමණ අස්වැන්නක් ලබා ගත හැකි බවයි.

මේ නිසා ඉන්දියාවේ වැඩි ඵලදාවක් ලබාදෙන පොල් ප්‍රභේද උතුරු පොල් ත්‍රිකෝණයේ වගා කිරීම පිළිබඳව පර්‌යේෂණ ඉදිරියේ දී සිදු කිරීමට නියමිතව ඇත.

උතුරේ පොල් ත්‍රිකෝණයට යාපනය, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්ක තුන අයත් වනවා.

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේනවා..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේනවා..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි උතුරු පළාතේ පොල් ත්‍රිකෝණය නම් කර එහි පොල් වගා කටයුතු විධිමත් කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ ඉකුත් 2023 වසරේ සැප්තැම්බර් මාසයේදීයි.

You May Like This Video