450,000කට රැකියා අහිමි කළ පොල් හිඟය

Sri Lanka Economy of Sri Lanka
By Gagana News Mar 08, 2025 04:00 PM GMT
Gagana News

Gagana News

Report

රට තුළ පවතින පොල් හිඟය මත දේශීය පොල්තෙල් නිෂ්පාදන ආයතන රැසක් වැසී ගොස් තිබෙන බවත්, මේ හේතුවෙන් 450,000කගේ පමණ රැකියා අහිමිව ඇතැයි වාර්තා වේ.

මෙරට පොල් ඵලදාවෙන් සැලකිය යුතු කොටසක් අපනයනය කිරීම නිසා එම තත්ත්වයත් මෙම දේශීය පොල්තෙල් නිෂ්පාදනයට බාධාවක් වී ඇති බව වාර්තා වේ.

මේ අතර පොල්තෙල් නමින් ආනයනය කරන පාම් තෙල් හෝ වෙනත් තෙල් වර්ග සඳහා අත්‍යවශ්‍ය ලේබලය යටතේ වැට් බදු අය නොකරන බවද සඳහන් වේ.

එසේ තිබියදී දේශීය පොල්තෙල් වෙනුවෙන් 15%ක වැට් බදු ගෙවීමට සිදුව තිබීම අසාධාරණයක් බව එම කර්මාන්තකරුවන් ප්‍රකාශ කර සිටියි.

එය දේශීය කර්මාන්ත පවත්වාගෙන යන අයට බාධාවක් බවත් එම කර්මාන්ත ඇණ හිටීමට තරම් හේතුවක් වී තිබෙන බව පාරම්පරික දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් පෙන්වා දෙයි. 

අගමැති හරිනිට නඩු

අගමැති හරිනිට නඩු

හම්බන්තොටින් රොකට් උඩ යවන්න සූදානමක්!

හම්බන්තොටින් රොකට් උඩ යවන්න සූදානමක්!

ReeCha