පොල් මිලත් අහස උසට - නව මිල ගණන් මෙන්න
සිල්ලර වෙළෙඳපළේ පොල් මිල නැවත ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරේදී පොල් නිෂ්පාදනය ඉහළ ගොස් තිබුණද, අසාමාන්‍ය ලෙස පොල් ගෙඩි මිල ඉහළ දැමීම, අතරමැදි වෙළෙඳුන් හරහා සිදු වන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.
ගෙවුණු සතියේදී පොල් වෙළඳපොළේ ගෙඩියකට මිල රුපියල් 122–124 අතර පැවති අතර, මේ දිනවල සිල්ලර වෙළෙඳපොළේ එම මිල රුපියල් 180–200 දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන් කර ඇත.
පසුගිය වසරේදී පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2,900ක් වූ අතර, 2026 වසරේදී පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3,000 ක් පමණට වැඩි කිරීමට සැලසුම් කර ඇති බවද, දේශීය පරිභෝජනය සහ කර්මාන්ත සඳහා ඉල්ලුම සපුරා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය සදහන් කරයි.