පොල් මිල සීග්‍රයෙන් පහළට
Economy of Sri Lanka
Coconut price
Sinhala news
By Mithu
පසුගිය මාස කිපය පුරා රුපියල් 200 ටත් එහා ගිය පොල් තොග මිල මේ වන විට රුපියල් 120 කටත් අඩු මුදලකට පහත වැටි ඇති බව පොල් වගා කරුවන් පවසයි. පොල් වගාකරුවන් පවසන්නේ පසුගිය මාස කිපය පුරාම පොල් තොග මිල රුපියල් 200 ටත් එහා ගිය බවත් එය මෑතක් වන තුරුම එය රුපියල් 180 ට ආසන්න මිලකට තිබු බවයි.
නමුත් ගෙවි ගිය සතිය වන විට පොල් තොග මිල එකවරම රුපියල් 135 ත් 130 අතර මුදලකට පහත වැටි ගිය බවද කියයි. ඒ සමග 18 වන දිනය දී පුත්තලම දිස්ත්‍රික්කයෙ ප්‍රදේශ රැසක පොල් ගෙඩියක තොග මිල රුපියල් 120 කටත් අඩුවු බව පොල් කර්මාන්තයෙ නිරත ව්‍යාපාරිකයින් පවසයි. පොල් මිලදි ගැනිමේ නිරත ව්‍යාපාරිකයින් පවසන්නේ මෙලෙස පොල් තොග මිල පහත වැටිමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මේ වන විට ඩිසි මිල දරුණු ලෙස පහත වැටිම හේතුව බවයි.
[KGH8CVG[
