අහස උසටම නැග්ග පොල් මිල.. අඩු වෙයි?. ඉදිරි සති දෙක ඇතුළත.. රජය එකවරම කරන්න යන දෙය මෙන්න..
ඉදිරි සති 2ක ඇතුළත තදාසන්න ප්‍රදේශවලට පොල් ගෙඩි ලක්ෂ 10ක් බෙදාහැරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ රට තුළ පවතින පොල් මිල අර්බුදයට විසඳුමක් ලෙසයි.
ඒ අනුව එක පොල්ගෙඩියක් රුපියල් 130ක මිලකට සතොස හරහා ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ ය.
ඒ අද (04) පාර්ලිමේන්තුවේ දී ය.
ඒ අනුව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, රජයට අයිති වතුවල තිබෙන පොල් නිෂ්පාදන මෙලෙස අඩු මිලට අලෙවි කිරීමට නියමිත බවයි.
You May Like This Video👇
.