පොල් කෑම ගෙඩි ලක්ෂ 30කින් අඩුවෙලාලු!

Report

රටේ දෛනික පොල් පරිභෝජනය ගෙඩි ලක්ෂ 45ක සිට ගෙඩි ලක්ෂ 30ක් පමණ දක්වා අඩු වී ඇති බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

පොල් මිල ඉහළ යාම මෙම පරිභෝජනය පහත වැටීමට හේතු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

අවුරුදු සමයේදී දෛනික පොල් පරිභෝජනය ගෙඩි ලක්ෂ 50ක පමණ මට්ටමකට ඉහළ යන බව පැවසූ සභාපතිවරයා, රසකැවිලි, කිරිබත්, විවිධ ආහාර පිළියෙල කිරීමට සහ පොල්තෙල් භාවිතය ඉහළ යාම නිසා පොල් සහ පොල්තෙල් මිල ඉහළ යෑම වැළැක්විය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.