පොල් ගෙඩිය රුපියල් 300ට නගී?..පාරිභෝගිකයින්ට තරු පේන ආරංචියක්.!!

By Aruna Jan 23, 2025 01:30 AM GMT
Report

පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය සඳහා අවම වශයෙන් පොල් මිලියන 100 ක් වත් කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත්, කර්මාන්තකරුවන් වැඩි මිලට හෝ පොල් මිලදී ගැනීමට කටයුතු කිරීම නිසා වෙළෙඳ පොළේ පොල් ගෙඩියක් රුපියල් 250 ත් 300 ත් අතර මිලක් දක්වා ඉහළ යාමේ අවදානමක් ඇතිවිය හැකි බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් මහතා පවසනවා.

සභාපතිවරයා ප්‍රකාශ කළේ, කර්මාන්ත අංශය සඳහා පොල් ගෙඩි මිලියන 100 ක පොල් කිරි, ශීත කළ පොල් මද හෝ කැබලි කරන ලද වියළි පොල් කඩිනමින් ආනයනය කළයුතු බවට රජයට දැනුම්දී ඇතැයිද, රජයෙන් ඊට ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බවයි.

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙන ග්‍රහ යෝගයක්..හැබැයි 04ක අය පරිස්සම් වෙන්න.(VIDEO)

ලග්න 06කට අද ඉතාමත් ශුභයි..වැල්ලෙ බඹරෙත් කැරකෙන ග්‍රහ යෝගයක්..හැබැයි 04ක අය පරිස්සම් වෙන්න.(VIDEO)


කැබලි කරන ලද වියළි පොල් යොදාගෙන පොල් තෙල් නිෂ්පාදනය සඳහා යොදාගත හැකි බවද ඔහු කියා සිටියා.

පොල් පර්යේෂණායතනයේ දත්තවලට අනුව ඉකුත් 2021 වසරේ සිට ඉකුත් වසර (2024) දක්වා වූ කාලය තුලදී මෙරට පොල් අස්වැන්නේ අඩුවීම ගෙඩි මිලියන 700 කට වැඩි බවත්, දැනටත් පවතින පොල් හිඟය හේතුවෙන් පොල් මිල ඉහළ ගොස් ඇති බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.

You May Loke This Video