අද සිට ජනතාවට සුබ ආරංචියක්..අඩු මිලට පොල් ගන්න පුළුවන් තැන් සහ මිල ගණන් මෙන්න..

By Aruna Oct 23, 2024 12:41 AM GMT
Report

පවතින පොල් මිල හමුවේ පාරිභෝගික ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ජංගම අලෙවි රථ වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව අද (23) දිනයේ එහි පළමු අදියර කොළඹ, ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, කඩුවෙල නගර සභා බල සීමා මුල්කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙහිදී පොල් ගෙඩියක් රු 100ත් 120ත් මිලකට පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කර ඇත.

අද මල් සරාගෙ බැල්ම හෙළන ග්‍රහයෝගයක්..විවාහ අපේකෂකයින්ට ශුභයි...

අද මල් සරාගෙ බැල්ම හෙළන ග්‍රහයෝගයක්..විවාහ අපේකෂකයින්ට ශුභයි...


කොළඹ බල ප්‍රදේශයේ වැලිකඩ පොලීසිය අසලත්, කිරුළපන පොදු වෙ‍ෙළඳපොළ සහ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය ආසන්නවත් ජංගම ලොරි රථ මගින් බෙදාහැරිම් කටයුතු සිදුකිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නගර සභා සීමාවට අයත් වැලිකඩ පොලීසිය ආසන්නව සහ නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංග පීඨය අසල ද පොල් බෙදාහැරිමේ ජංගම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

කඩුවෙල සහ බත්තරමුල්ල බල ප්‍රදේශයන් ආවරණය කරමින් සෙත්සිරිපාය රජයේ කාර්යාල පරිශ්‍රය ආසන්නව සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව පොල් වගාකිරීමේ මණ්ඩලය පිහිටි ස්ථානය ආසන්නව පාරිභෝගිකයින්ට පොල් මිලදී ගැනීමට පහසුකම් සපයා ඇති බව ද දැනුම් දී ඇත.

ප්‍රධාන නගරයන් හිදී ජනතාවට සහන ක්‍රමයකට පොල් මිලදී ගැනීමට ඒ අනුව අවස්ථාව ලැබෙනු ඇති බවයි පැවසෙන්නේ. පසුව සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් දිනකට පොල් ගෙඩි දසදහසක් (10,000) වෙ‍ෙළඳපොළට එක් කරන අතර සඳුදා, බදාදා සහ සිකුරාදා දිනයන්වල පසුව ක්‍රමිකව දිනකට පොල් ගෙඩි පන්දහ (5000) බැගින් සතියකට පොල් ගෙඩි 15,000 ක් පාරිභෝගික ඉල්ලුම අනුව වෙළඳපොලට යොමු කරනු ඇතැයි පැවසේ.

මීට අමතර කුරුණැගල වැවිලි සමාගම මැදිහත්ව අද (22) දින පොල් ගෙඩි 1500 බැගින් දිනපතා සැපයිමට කටයුතු සුදානම් කර ඇති අතර අද සිට හලාවත වැවිලි සමාගම දිනකට ගෙඩි 3000 බැගිනුත් දිනපතා ලබාදීමට එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.