පොඩි අඩියක් ගහමු කියලා සෙට් වුණාට බෝතලේ ඇතුලේ තිබ්බේ අරක්කු නෙමෙයි - අනේ දෙයියනේ

Report

බම්බලපිටියේ සුප්‍රසිද්ධ රාත්‍රී සමාජ ශාලාවකින් පොලීසිය අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් තොගය පිළිබඳව දැන් අලුත්ම හෙළිදරව්වක්! ඇත්තටම බෝතල්වල තිබුණේ මත්පැන් නොවෙයි, ඒ වෙනුවට සැක කෙරෙන ආදේශක ද්‍රව්‍යයක් බව අනාවරණය වී තිබේ.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

මෙම බෝතල් පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගෙන, ඒවා විනාශ කරන ලෙසත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා. නමුත් විනාශ කිරීම සදහා සූදානම් වූ මොහොතේදී අනාවරණය වුයේ බෝතල් කිහිපයක ඇතුළත මත්පැන් වෙනුවට වෙනත් ද්‍රව්‍යයක්!

අද ඉදලා වාහන බැංකු ණය ගන්න වෙන්නේ මෙහෙමයි - මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

අද ඉදලා වාහන බැංකු ණය ගන්න වෙන්නේ මෙහෙමයි - මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

ඒ හේතුවෙන්, විනාශ කිරීම නවත්වා, සියල්ල නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර, කෙසෙල්වත්ත පොලීසිය වෙත පැමිණිල්ලක්ද ගොනු කෙරුණා. දැන් මේ අමුතු හෙළිදරව්ව සම්බන්ධයෙන් විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැවරී ඇත.

Astronomer සමාගමේ CEOගේ අනියම් පෙමේ රග ප්‍රසිද්ධ කැමරාවකින් ලෝකෙටම පෙනෙයි

Astronomer සමාගමේ CEOගේ අනියම් පෙමේ රග ප්‍රසිද්ධ කැමරාවකින් ලෝකෙටම පෙනෙයි

ඒ අනුව, බෝතල් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් නියෝගය දුන්නා.

ඇය වැඩිදුරටත් නියෝග කළේ, බෝතල්වල ඇතුළට ආදේශක ද්‍රව්‍යය ඇතුළත් වූයේ කෙසේදැයි පරීක්ෂා කර, ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයිය.