අධ්‍යාපන අමාත්‍යංශයේ ලිපිකරුවෙකු හෙරොයින් සමඟ කොටු වූ හැටි.

Sri Lanka Police Drugs
By Gagana May 02, 2024 01:24 PM GMT
Gagana

Gagana

Report

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අද දිනයේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසලදී සිදු කරල වැටලීමකදී සංවිධානාත්මක අපරාධකරුවකු වන ඩුබායි කපිල නමැත්තාට අයත් බවට සැක කෙරෙන රුපියල් කෝටි 15 පමණ වටිනා මත්ද්‍රව්‍ය පිළිබඳව පොලිසිය විසින් තවත් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මෙහිදී මත්ද්‍රවය සමඟ සැකකරුවෙකු හා සැකකාරියක් හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට භාවිතා කරන ලද මෝටර් රථයක් ද අත්අඩංගුවට ගැනුනා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,51 හැවිරිදි සැකකාරියක් සහ වයස අවුරුදු 45 ක් වූ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කුලී පදනම් මත ලබා ගත් නිවසක වසර දෙකක පමණ කාලයක් පුරාවට මහා පරිමාණයෙන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු වාර්තාවේ.

තවද පසුගිය අප්‍රේල් 24 වන දින මෙම මත්ද්‍රව්‍ය බෙදා හැරීමට අදාලව අධ්‍යාපන අමාත්‍යාංශ ලිපිකරුවකු ග්‍රෑම් පාස් පොලිසිය මගින් අත්තඩංගුවට ගත් අතර ඔහු සමග හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 60ක් හා රුපියල් ලක්ෂ 49ක් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගත් එම සැකකරු මේ වන විට ඩුබායිරාජ්‍යයේ සැඟවී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙවන ජාවාරම්කරුගේ මෙරට ප්‍රධාන ජාවාරම්කරු බවට තොරතුරු අනාවරණය වී ඇත.

..............................................

May you Like