සලේව රෝහල් ගතකළ බව CIDය අධිකරණයට දැනුම්දෙයි
පාස්කු ප්‍රහාර සිද්ධියට රැඳවුම් නියෝග මත සිය භාරයේ සිටි හිටපු බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ - කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම්දී ඇත.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මාර්ගයෙන් මේ බව දැනුම්දී තිබේ එම දෙපාර්තමේන්තු භාරයේ සිටි සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඊයේ (07) රාත්‍රියේදී ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණ ඒ මහතා මේ දක්වා පසුවුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේය.
මෙලෙස කොළඹ ජාතික රෝහලට සුරේෂ් සලේ මහතාව ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත්තේ තමාට අමානුෂික වදහිංසා සිදුකරන බවට පවසමින් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළම ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කර තිබේ ඉන් අනතුරුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ ඇති වූ පිරිහීමත් සමඟයි.