මේ වන විට 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලර් ප්‍රශ්නයට අදාළ CID විමර්ශන වල තත්වය මෙන්න
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් අදියරට පැමිණ ඇති බව වාර්තා වේ .
ඒ අනුව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් ඇතුළු 6 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු අංශය සහ සෝදුපත් කියවන නිලධාරීන් ඇතුළු පිරිස් එම පිරිසට අයත් වේ. තවද මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමේ අභ්‍යන්තර මූලික විමර්ශන පවත්වන කමිටුවේ වාර්තාව ද බොහෝ දුරට එළඹෙන සතියේදී භාර දීමට නියමිතව තිබෙන බවට අමාත්‍යාංශ ආරංචිමාර්ග ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව නිමාකර තිබෙන සියලුම මොඩියුල විශේෂ පරීක්ෂණයකට ලක්කිරීම සදහා විද්වද් උපදෙස් ලබා ගැනීම සිදුවේ ඒ වගේම අදාළ මෙඩියුලර් නැවත පූර්ණ සමාලෝචනයකට ලක් කිරීම ද සිදු කරනු ලබයි.
තවද ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් සමග ඊයේ දිනයේදී ඒ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක්ද පවත්වා ඇති බව වාර්තා වේ