ඊයේ රෑ අපි ගත්ත අන්තිම සෙල්ෆිය මේක චූලා - ඇය මට ගොඩක් විශේෂයි - ඊයේ රෑ හිටපු කෙනා අද නෑ - නළු රොෂාන් රණවන සංවේදී වෙයි

Report

සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක් මෙන්ම කැට්වෝක් සහ රූ රැජින තරග පුහුණුකාරිනියක වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණගේ මරණය මේ වනවිට රටම කම්පාවට ලක් කර ඇත.

ශ්‍රී ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් අතර, නිරූපණ සහ පැජන්ට් ක්ෂේත්‍රයට සම්බන්ධ පුහුණුකාරිනියක්ද වේ. ඇය වෑවල පිහිටි ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක ඇඳක් මත සැකකටයුතු ආකාරයට මියගොස් සිටියදී හමුවූ බව පිළියන්දල පොලිසිය පවසයි.

ඒ අනුව එහිදී, බත්තරමුල්ල පිහිටි හෝටලයක ඇය විසින් සංවිධානය කරන ලද උත්සවයකින් පසුව, අලුයම ඇය අදාළ ව්‍යාපාරිකයා සමඟ මෙම නිවසට පැමිණ ඇති බව පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව තොරතුරු වාර්තා වේ.

ඊයේ රෑ අපි ගත්ත අන්තිම සෙල්ෆිය මේක චූලා - ඇය මට ගොඩක් විශේෂයි - ඊයේ රෑ හිටපු කෙනා අද නෑ - නළු රොෂාන් රණවන සංවේදී වෙයි | Chula Death Shocks Sri Lanka Actress

මේ අතර මෙම මරණය පිළිබඳව සංවේදී වූ ජනප්‍රිය නළුවකු වන රොෂාන් රණවන විසින් තම මිතුරිය පිළිබඳව සංවේදී සටහනක් තම මුහුණු පොතේ එක්කර ඇත.

එම සටහන පහතින්,

"ඊයේ රාත්‍රියේ අපි ගත්ත අන්තිම සෙල්ෆි එක මේක. චූලාගේ හදිසි අභාවය ගැන අහලා මම ගොඩක් කම්පනයට පත් වුණා, දුකට පත් වුණා.. මගේ ගමනේ ඇය ඉතා විශේෂ ස්ථානයක් ගන්නවා, මොකද මම නිරූපිකාවක් විදිහට වේදිකාවක් බෙදාගත්ත පළවෙනි කෙනා ඇය. ඊයේ රෑ මම එක්ක හිටපු කෙනෙක් දැන් අපි අතර නෑ කියලා විශ්වාස කරන්න අමාරුයි. ජීවිතය ඇත්තටම අනපේක්ෂිතයි, වටිනායි. ඇගේ පවුලේ අයට, මිතුරන්ට සහ ඇයට ආදරය කළ සැමට මගේ හෘදයාංගම ශෝකය. ආදරණීය චූලා, සාමයෙන් ඉන්න. ඔබව සැමදා මතකයේ රැඳෙනු ඇත..."

ඊයේ රෑ අපි ගත්ත අන්තිම සෙල්ෆිය මේක චූලා - ඇය මට ගොඩක් විශේෂයි - ඊයේ රෑ හිටපු කෙනා අද නෑ - නළු රොෂාන් රණවන සංවේදී වෙයි | Chula Death Shocks Sri Lanka Actress

[VAVA8SG