අසිරිමත් නත්තල අද මධ්‍යම රාත්‍රියේ උදාවෙයි..(VIDEO)

CHRITMAS CELEBRATION SANTA
By Sewvandhi Dec 24, 2021 01:35 PM GMT
Report

ජේසු සමිදුන්ගේ උපත සිදු වූ අසිරිමත් නත්තල අද මධ්‍යම රාත්‍රියේ උදාවනවා. කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවත් මෙවර නත්තල හරසරින් පිළිගන්නට ලෝකවාසී කිතුණු බැතිමතුන් සමඟ ශ්‍රී ලාංකික කිතුණු ප්‍රජාව සූදානමින් සිටිනවා.

සාමයේ පණිවුඩය රැගෙන පැමිණි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල අද (24) මධ්‍යම රාත්‍රියේ උදාවනවා.

ලෝකවාසී ජනතාව මෙන්ම ශ්‍රී ලාංකික කිතුණු ප්‍රජාවද මෙවර නත්තල පිළිගන්නට සූදානම් වන්නේ මහත් අභියෝගාත්මක කාල වකවානුවකයි.

කෙසේ වෙතත් නත්තල හරසරින් පිළිගන්නට මෙරට ජනතාව සැදී පැහැදී සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now