ප්‍රධානතම නත්තල් සැමරුමක් අත්හිටුවයි..!

By Sewvandhi Dec 24, 2023 08:56 AM GMT
Report

කතෝලිකයින් අතර අතිශය පූජනීය නගරයක් වන බෙත්ලෙහෙමේ වෙනදා නත්තල් සැමරුම් පැවැත්වූවත් මෙවර නත්තල් සැමරුම් සිදු නොවීම විශේෂත්වයකි.

එයට හේතුව වන්නේ, අද වනවිට බෙත්ලෙහෙම පාලනය වන්නේ පලස්තීන නගරයක් ලෙස වීම හේතුවෙනි.

සාම්ප්‍රදායිකව නගරය තුළ අතිඋත්කර්ෂවත්ව නත්තල සැමරුම් සිදුවුවත්, මේ වනවිට ගාසා තීරයට එල්ල වන ප්‍රහාරවලට විරෝධය පළකරමින් ඔවුන් මෙවර නත්තල් සැමරුම් අත්හිටුවා තිබේ.

මෑත ඉතිහාසයේ බෙත්ලෙහෙම් නගරය තුළ නත්තල් සැමරුම සිදු නොවන්නේ පළමු වරටය. නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වෙයි.