දැඩි ආරක්‍ෂාව මත කිතුණු බැතිමතුන් පාස්කුව සමරයි

Easter Easter Attack Sri Lanka Sinhala news
By Mithu Apr 20, 2025 02:05 AM GMT
Mithu

Mithu

Report

 ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලැබේ.

ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි - ලෝකය යහපත් කිරීමේ අද්විතීය බලය ඇත්තේ කාන්තාවන්ට කියයි

ශිරන්ති රාජපක්ෂ දකුණු කොරියාව හොල්ලයි - ලෝකය යහපත් කිරීමේ අද්විතීය බලය ඇත්තේ කාන්තාවන්ට කියයි

ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත් පිළිවෙත් අතර ගතකළ දින 40ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වේ. බයිබලයේ සඳහන් වන්නේ ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බවය.

අදට යෙදී තිබෙන පාස්කු මංගල්‍යය ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් ද ඉතා උත්කර්ෂවත් ලෙස සමරන ලබන බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සදහන් කළේය. මේ අතර පාස්කු ඉරිදා වෙනුවෙන් පැවැත්වුණු මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවන් ඊයේ (19) රාත්‍රී දිවයිනේ සෑම දේවස්ථානයකම පැවැත්විය.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වූ විශේෂ දේව මෙහෙය ඊයේ රාත්‍රී කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී පැවැත්විය. එමෙන්ම අද දිනයේ ද දිවයිනේ සියලු දේවස්ථානයකම දිව්‍ය පූජාවන් පැවැත්වෙන බවද සදහන් වේ.

හැදුනොත් මිය යන දරුණු වසංගතයක් ආයෙත්?

හැදුනොත් මිය යන දරුණු වසංගතයක් ආයෙත්?

ReeCha