මොවුන් දැක්කොත් වහාම අමතන්න - ශ්‍රී ලංකා පොලීසියෙන් මහජන සහය පතා නිවේදනයක්

Report

කොළඹ වරාය නගරයේ සිදුවීමකින් පසු චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින චීන ජාතිකයන් තිදෙනෙකු සොයා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජන සහාය පතයි.

ශ්‍රී ලංකා පොලිසියට අනුව ඉකුත් ජූලි 23 වන දින කොළඹ වරාය නගරයේ රැඳී සිටි චීන ජාතිකයන් තිදෙනෙකුට පහර දී තිබෙන අතර, පසුව ඔවුන්ගෙන් එක් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර තිබුණා.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් අපරාධ කොට්ඨාශය විමර්ශනය කරයි.

එහිදී අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයන් දෙදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර අගෝස්තු 22 දිනය පුරා වලංගු නිවේදනයක්

මීට සුළු මොහොතකට පෙර අගෝස්තු 22 දිනය පුරා වලංගු නිවේදනයක්

ඒ අනුව පොලිසිය අවශ්‍ය සැකකරුවන්, චෙන් හොංබිං, ලූ ගාඕ සහ ෂියැං හුවාචෙන් වශයෙන් හඳුනා ගෙන ඇත. එසේම විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ සැකකරුවන් තිදෙනා සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බවත්, ඔවුන්ගේ වීසා කල් ඉකුත් වී තිබියදීත් රට තුළ රැඳී සිටින බවට විශ්වාස කරන බවත්ය.

එමෙන්ම ශ්‍රී ලංකා පොලිසිය සැකකරුවන් නීතිවිරෝධී ලෙස ගුවනින් හෝ මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවෙන් පිටවීමට උත්සාහ කිරීමේ හැකියාවක් ද ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව දන්වයි.

එබැවින් සැකකරුවන් පිළිබඳ තොරතුරු දන්නා ඕනෑම අයෙකුට 071-8591735 අංකයෙන් කොළඹ දිස්ත්‍රික් අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා අමතන්නැ‍යි දන්වා ඇත.

මාළු නැත්තටම නැති වෙයි.. කන්න තියා මුහුදෙත් මාළු නැති වෙන බවට නි. ඇමතිගෙන් රතු එළියක්

මාළු නැත්තටම නැති වෙයි.. කන්න තියා මුහුදෙත් මාළු නැති වෙන බවට නි. ඇමතිගෙන් රතු එළියක්

රටම හොල්ලන එල් නිනෝ නිසා ලංකාවට වෙන්න යන විනාසේ - අවදානමෙන් මේ අය බේරගන්න ජනපතිගෙන් සැලසුම් රැසක්

රටම හොල්ලන එල් නිනෝ නිසා ලංකාවට වෙන්න යන විනාසේ - අවදානමෙන් මේ අය බේරගන්න ජනපතිගෙන් සැලසුම් රැසක්

Gallery