චීන ජාතිකයින් තිදෙනෙකුට පහරදී එක් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම- පලාගිය තුන්වන සැකකරු ගැන තොරතුරු ලබාදීමට පොලිසියෙන් ඇමතුම් අංකයක්

Report

කොළඹ වරාය නගර ප්‍රදේශයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින තවත් චීන ජාතික සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටී.

පොලිසිය සඳහන් කළේ 2026 ජූලි 23 වනදා කොළඹ වරාය නගර ප්‍රදේශයේ රැඳී සිටි චීන ජාතිකයින් තිදෙනෙකුට කිසියම් පිරිසක් විසින් පහරදී ඇති බවයි. පසුව ඔවුන්ගෙන් එක් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම අපරාධයට චීන ජාතිකයින් තිදෙනෙකු සම්බන්ධ බවට ලැබුණු තොරතුරු මත කොළඹ දිස්ත්‍රික් අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. විමර්ශනවලදී හඳුනාගත් සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු අගෝස්තු 28 වනදා සීගිරිය පොලිස් බල ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

දිස්ත්‍රික්ක 6කට බවුසර් මගින් පානීය ජලය- මොණරාගල, මඩකලපුව සහ අම්පාර වැසියන් දැඩි අර්බුදයක

දිස්ත්‍රික්ක 6කට බවුසර් මගින් පානීය ජලය- මොණරාගල, මඩකලපුව සහ අම්පාර වැසියන් දැඩි අර්බුදයක

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 සහ 43 යන වයස්වල පසුවන චීන ජාතිකයින් බව පොලිසිය සඳහන් කළේය. ඔවුන් දෙදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින තුන්වන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඔහු සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ලබාගැනීමට පොලිසිය මහජන සහාය අපේක්ෂා කරයි.

මෙම සැකකරු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නා පුද්ගලයෙකු වෙතොත්, කොළඹ දිස්ත්‍රික් අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා 071 859 1735 යන දුරකථන අංකයෙන් අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

Gallery