ඇමරිකාවේ විද්‍යුත් පණිවිඩ සොරකම් කළ චීන හැකර්වරු.

By Hashini Sep 28, 2023 04:43 AM GMT
Report

චීන හැකර්වරු විසින් අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු ගිණුම්වලින් විද්‍යුත් පණිවුඩ දස දහස් ගණනක් සොරකම් කිරීමට සමත්ව ඇති බවට අනාවරණය වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට රාජ්‍ය දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බවයි.

මෙම තොරතුරු සෙනට් සභා නියෝජිතයෙකු විසින් ද තහවුරු කර ඇති බව සඳහන්ය.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ චීන හැකර්වරු විසින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගිණුම් 10 කින් විද්‍යුත් තැපැල් පණිවුඩ 60,000ක් සොරකම් කර ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි.